වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි – දෙදෙනෙක් පළාගිහින්

වෙන්නප්පුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවෙක් අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සමඟ අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය, කඩුවක් සහ ඔවුන් පැමිණි බව කියන මෝටර් රථය ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු වයස අවුරුදු 35ක අයෙක් බවයි වාර්තා වුණේ.

වෙන්නප්පුව පොලිස් ස්ථානය අසල වැව පාර ප්‍රදේශයේ දී අද පෙරවරු 10.30ට පමණ මෙම අපරාධය සිදුව තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙක් හප්පා අනතුරට ලක්කර ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී වෙඩි තබා තිබුණා.

එහිදී එම ස්ථානයේදීම එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතරම අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය ලක්වූ පුද්ගලයා මහාධිකරණ නඩුවකට අදාළව වෙන්නප්පුව පොලිසියට පැමිණ යළි ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ නඩුව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලබන මස 09 වැනිදා ලබාදීමට නියමිතව තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16