මිලියන 27 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාවෙන් අල්ලයි

රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙහිදී මෙම කේරළ ගංජා තොගය සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් පස්දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රි ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව 2025 අගෝස්තු මස 29 වන දින ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම ඩිංගි යාත්‍රා තුළ උර හතරක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ එකසිය දහනවයයි ග්‍රෑම් පන්සියයක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ එම ඩිංගි යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා පුස්සදේව සහ ශ්‍රි ලංකා නාවික නෞකා ගජබා ආයතන, මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා එක්ව අගෝස්තු 27 වැනි දින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් තුන්සියක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ එකසිය විසි එකයි ග්‍රෑම් අටසියයක පමණ තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන විසි හතකට අධික බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 19ත් 51ත් අතර වන වන්කාලෛයි, මාදම්පේ සහ කයිට්ස් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් සහ වන්කාලෙයි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19