පොතුවිල් – අක්කරෙයිපත්තු ප්‍රධාන මාර්ගයේ කෝමාරී ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
වැලිමඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් අද (30) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තවත් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් පොතුවිල් සහ තුරුක්කෝවිල් රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
1





