ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග, තැඹිලි ළහිරු හෙට (31) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා දිවයිනට රැගෙන එම වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිනයේ ඉන්දුනීසියාව බලා පිටව ගිය බවට තොරතුරු වාර්තා වනවා.
මොවුන් පිරිස පසුගිය 28 වනදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණේ මෙරට පොලිසියේ විශේෂ කණ්ඩායමකගේ ද සහාය ඇතිවයි.
මෙහිදී බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දියණිය ද අත්අඩංගුවට ගැනුණු අතර, එම කාන්තාව සහ දියණිය මෙරටට පිටත්කර එවීමට ඉන්දුනීසියානු බලධාරීන් ඊයේ (29) කටයුතු කර තිබුණා.
ඒ, ඇයට රතු වරෙන්තු නිකුත්කර නොතිබීම හේතුවෙන්.
එලෙස පිටත්කර එවූ එම කාන්තාව ඊයේ (29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනුණා.















