පද්මේ, සලින්ත ඇතුළු පිරිස ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග, තැඹිලි ළහිරු හෙට (31) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා දිවයිනට රැගෙන එම වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිනයේ ඉන්දුනීසියාව බලා පිටව ගිය බවට තොරතුරු වාර්තා වනවා.

මොවුන් පිරිස පසුගිය 28 වනදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණේ මෙරට පොලිසියේ විශේෂ කණ්ඩායමකගේ ද සහාය ඇතිවයි.

මෙහිදී බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දියණිය ද අත්අඩංගුවට ගැනුණු අතර, එම කාන්තාව සහ දියණිය මෙරටට පිටත්කර එවීමට ඉන්දුනීසියානු බලධාරීන් ඊයේ (29) කටයුතු කර තිබුණා.

ඒ, ඇයට රතු වරෙන්තු නිකුත්කර නොතිබීම හේතුවෙන්.

එලෙස පිටත්කර එවූ එම කාන්තාව ඊයේ (29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36