STF වෙඩිල්ලෙන් ජාවාරම්කරුවන් දෙදෙනෙක් රෝහලේ

කැබිතිගොල්ලෑව, කැළෑපුලියන්කුලම රක්ෂිත සිමාවේ කලක සිට දැව ජාවාරමේ යෙදුණු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ජීප් රථය නවත්වන ලෙසට අණ කර ඇති අතර ජාවාරම්කරුවන් අණ නොතකා ධාවනය කිරීමේදී එම නිලධාරීන් විසින් ජීප් රිය ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ දී යි.

වෙඩි වැදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රක්ෂිතය තුළ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පවසා සිටියේ.

මෙම රක්ෂිතයේ දිගින් දිගටම තේක්ක සහ කරුවල වැනි දුර්ලබ ශාක ඉලක්ක කරගනිමින් මෙම දැවැ ජාවාරම සිදුවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් සැකකරුවන් කිලෝමීටර් 12ක් පමණ දුරට කැබ් රථය පදවාගෙන ගොස් පසුව 1990 ගිලන්රථ සේවාව අමතා තිබෙනවා.

තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට වව්නියාව රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව යි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව හා වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?