STF වෙඩිල්ලෙන් ජාවාරම්කරුවන් දෙදෙනෙක් රෝහලේ

කැබිතිගොල්ලෑව, කැළෑපුලියන්කුලම රක්ෂිත සිමාවේ කලක සිට දැව ජාවාරමේ යෙදුණු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ජීප් රථය නවත්වන ලෙසට අණ කර ඇති අතර ජාවාරම්කරුවන් අණ නොතකා ධාවනය කිරීමේදී එම නිලධාරීන් විසින් ජීප් රිය ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ දී යි.

වෙඩි වැදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රක්ෂිතය තුළ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පවසා සිටියේ.

මෙම රක්ෂිතයේ දිගින් දිගටම තේක්ක සහ කරුවල වැනි දුර්ලබ ශාක ඉලක්ක කරගනිමින් මෙම දැවැ ජාවාරම සිදුවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් සැකකරුවන් කිලෝමීටර් 12ක් පමණ දුරට කැබ් රථය පදවාගෙන ගොස් පසුව 1990 ගිලන්රථ සේවාව අමතා තිබෙනවා.

තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට වව්නියාව රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව යි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව හා වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19