කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස ඇල්ලූ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහාය ද හිමි වූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
අද (28) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ, ඉන්දුනීසියාවේ සිදුකළ එම මෙහෙයුමෙන් කාන්තාවක් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මොවුන්ගෙන් පස්දෙනෙකුම රතු වරෙන්තු නිකුත්කර සිටින අය බවයි.
එමෙන්ම විදෙස් රටක දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් මෙවැනි මෙහෙයුමක් සිදුකරනු ලැබුවේ ඉතිහාසයේ පළමු වරට බවයි පොලිස්පතිවරයා පැවසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව හොඳ දැනීමක් ඇති, ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවබෝධයක් ඇති නිලධාරී කණ්ඩායමක් මෙම විශේෂ මෙහෙයුම සඳහා යොදාගත් බවයි ඔහු මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කළේ.





