ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් හයදෙනා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ දින 07ක් පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (28) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණු අතර, මෙම මෙහෙයුම වෙනුවෙන් මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලය දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එමෙන්ම අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.





