ගණිකා නිවාස දෙකක් මිරිහානෙන් වටලයි – පහක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 02ක් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.

මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙනිය හා ස්ටැන්ලි තිලකරත්න මාවත යන ප්‍රදේශවල දී අද (28) අලුයම මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටීමට රැදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 40 සහ 50 වයස්වල පසුවන දෙයියන්දර හා රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකාරියන් අවුරුදු 21ත් 40ත් අතර වයස්වල පසුවන රාගම, රත්මලාන සහ අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40
Video thumbnail
අම්බිකා සුඛෝපභෝගී වාහනේ ගියේ ලැට් හෝදන්නද ?මේකි ගීතයෙන් ගීතය මතකනේ
01:24
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ? මාංචු නැතුව ගිය සෙව්වන්දි ගැනත් කියයි
01:55
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31