ඒකාබද්ධ කාල සටහන්වලට විරෝධය පා අද (27) මධ්‍යම රාත්‍රී දොළහේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් වර්ජනයක නිරත වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතිය හැරුණු කොට ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටෙන් හතකම සහයෝගය මේ සඳහා හිමිව තිබෙනවා.
වර්ජනය සඳහා එක්වන සියලුම වෘත්තිය සමිති අද (27) නාරාහේන්පිට ලංකා ගමනාගමන මූලස්ථානයේ ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව නිවේදනය කර සිටියා.
” ඒකාබද්ධ කිරීමට අපි විරුද්ධ නෑ, නමුත් මේ වෙලාවේ එහෙම දෙයක් කරන්න බෑ. දවස පුරාම දුවන්න නම් බස් 6500 ඕනේ නමුත් අපිට තියෙන්නේ බස් 4000ටත් අඩු ප්‍රමාණයක්, ඒ හින්දා අපිට පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න බෑ.,ඇමති අපිට සාකච්ඡාවක් දුන්නේ නෑ. ,ලංගම යන්නේ අමාරුවෙන්, මේ සඳහා නිසි වැඩපිළිවෙලක් හදන තුරු අපි බස් දාවනයෙන් ඉවත් වෙනවා” යැයි , ශ්‍රී ලංකා නිදහස් සේවක වෘත්තීය සමිතියේ බන්දුල රත්නායක පවසා සිටියා.















