නොරොච්චෝලේට ආධාරක විදුලි සැපයුමකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

නොරොච්චෝලේ බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අකර්මණ්‍ය වී තිබෙනවා.

එම හේතුවෙන් බලාගාරයේ සිසිලන ක්‍රමවේදය ඇන හිටීම සිදුවන අතර නැවත සිසිලනය සඳහා ඉඩ සලසමින් දින 4ක හෝ 5ක කාලයකට බලාගාරයේ කටයුතු අත්හිටුවීමට සිදු වන බවයි වාර්තාවන්නේ.

එමඟින් රට තුළ අඛන්ඩ විදුලි සැපයුම බිඳ වැටීම පමණක් නොව සැලකිය යුතු මට්ටමේ මූල්‍ය අලාභයකට ද විදුලිබල මණ්ඩලයට මුහුණ දීමට සිදු වනවා.

ඒ පිළිබදව සොයා බලා යෝජනාවන් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශය වී ඇත්තේ කෙටි කලක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වා දීමයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් මෙම ආධාරක විදුලි සැපයුම ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව පසු ගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !