මත්ද්‍රව්‍ය විකුණූ සැමියා සහ බිරිඳ ගිනිගත්හේනේදී අල්ලයි

හෙරොයින් සහ අයිස් මත්‍ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවලක් ඊයේ (26) දින රාත්‍රියේ ගිනිගත්හේන, කලුගල පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දර්ගා නගරයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් සහ අවුරුදු 20 වයසැති ඔහුගේ බිරිඳ යි.

සැකකාර එම කාන්තාව ගැබිණියක් බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා දර්ගා නගරයේ සිට නුවරඑලිය දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කලුගල පොලිස් මාර්ග බාධයේ දී පොලිස් නිළධාරින් විසින් යතුරුපැදිය නතර කර පරික්ෂා කිරිමේදි ඔවුන්ගේ ඇදුම්වල සගවා ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පවසනවා.

එලෙස ගෙනවිත් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනීමෙන් පසු එම ගැනුම්කරුවන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තෝරා ගත් ස්ථානවල තබා ඒ පිළිබදව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ගැනුම්කරුට දුරකථනයෙන් දැනුම් දෙන බවයි පොල්පිටිය පොලිසිය විසින් දැනට කරන ලද විමර්ෂණවලදී අණාවරණය වී ඇත්තේ.

සැකකරු මිට පෙර ද මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකින්ම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින සැකකරුවෙක් බවයි වැඩි දුරටත් වාර්තා වූයේ.

සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) දින ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවපොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
12
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19