වැල්ලම්පිටිය ලැඟුම්හලේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී අද (25) අලුයම සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ දමාගොස් තිබිය දී අද (25) දහවල් මෙම යතුරුපැදිය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදිය ද සමඟ ආරක්‍ෂිත හිස් වැසුම් දෙකක් ද ඒ ආසන්නයේ තිබී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ලැඟුම්හලේ නවාතැන් ගෙන සිටි සසික ප්‍රියදර්ශන නැමැති සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහු සමඟ සිටි බාල සුබ්‍රමනියම් අනූෂා නැමැති කාන්තාවක් මෙම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණා.

මෙලෙස වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ සසික ප්‍රියදර්ශන නැමැත්තා වනාතේ දුමින්ද යන අයගේ පාර්ශ්වයේ සාමාජිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සැකපළ කරන්නේ වනාතේ චතූ යන අයගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකථනයක් සහ වෙඩි තැබීමට භාවිත කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23