ඩයනා ගමගේට ඇප

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඩයනා ගමගේ හිටපු රාජ්‍ය අමාත්‍යවරිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණා.

ඉන් අනතුරුව විත්තිකාරිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග.එස්. බෝදරගම මහතා නියෝග කරනු ලැබුවේ.

අසත තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැඳවූ අවස්ථාවේ දී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ, අනුවයි මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?