එස්.එම් රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම් සලකා බැලීම කල්යයි

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේනට යන අය විසින් තමන්ට කොළඹ මහාධිකරණය විසින් ලබා දී තිබෙන සිර දඬුවම් නියෝගයන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචනාවන්ට යටත්ව, තමන්ව ඇප මත මුදාහරින ලෙස ගොනු කර ඇති ඇප ඉල්ලීම් ලබන සැප්තැම්බර් මස 09 වනදා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් යාපා බණ්ඩාර මහතා අද (25) නියෝග කළා.

එම ඇප ඉල්ලීමට අදාළ ලේඛන විත්තියේ නීතීඥවරුන් විසින් පැමිණිල්ලේ ලේකම්වරුන් වෙතට අද (25) භාර දුන්නා.

2012 සැප්තැම්බර් මස 27 දින සිට 2014 දෙසැම්බර් 31 වන දින දක්වා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරණ සමය තුළ තම පුද්ගලික ලේකම්වරිය වන නඩුවේ දෙවන විත්තිකාරියට රුපියල් ලක්ෂ 26ක ඉන්ධන දීමනාවක් සලසාදීම වෙනුවෙන් සහ එම දීමනාව ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ මහධිකරණය එම චෝදනාවලට වරදකරු වූ විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38