කලමුල්ලේ මුහුදේ අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු කටුකුරුන්දෙන් හමුවේ

කළුතර, කලමුල්ල මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයට ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසනවා .

ඊයේ (24) සවස් කාලයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන තිබෙන බවයි වාර්තා වුණේ.

මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, එළුවිල සහ හොරණ, ගල්පාත යන ප්‍රදේශවල පදිංචි මිහින් සන්හිද සහ නෙතුම් නෙත්සර නමැති 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක්.

පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?