කලමුල්ලේ මුහුදේ අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු කටුකුරුන්දෙන් හමුවේ

කළුතර, කලමුල්ල මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයට ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසනවා .

ඊයේ (24) සවස් කාලයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන තිබෙන බවයි වාර්තා වුණේ.

මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, එළුවිල සහ හොරණ, ගල්පාත යන ප්‍රදේශවල පදිංචි මිහින් සන්හිද සහ නෙතුම් නෙත්සර නමැති 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක්.

පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52