ඕස්ට්‍රේලියානුවෝ දකුණු අප්‍රිකාවේ පූර්ණ තරගාවලි ජයග්‍රහණ සිහිනය බිඳ දමයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර එක්දින තරගාවලියේ අවසන් තරගය අද (24) නිමාවට පත් වුණේ ඕස්ට්‍රේලියානුවන්ට ජය හිමිකර දෙමින්.

පෙර තරග දෙකම ජයගෙන පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට මෙම තරගයේ දී දරුණු පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

කාසියේ වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානුවන් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීම තෝරාගත් අතර, පසුගිය තරග දෙකේදීම අසාර්ථක වූ ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය මෙම තරගයේ ආරම්භයේ සිටම තම ආධිපත්‍ය පැතිරෙව්වා.

මුල් පෙළ පිතිකරුවන් ත්‍රිත්වය වන ට්‍රැවිස් හෙඩ්, කැමරන් ග්‍රීන් සහ මිෂෙල් මාෂ්ගේ ශතකවලින් හැඩගැන්වුණු ඕස්ට්‍රේලියානු ඉනිමේ පන්දුවාර 50 අවසානයේ ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු දෙකකට ලකුණු 431ක් ලෙසයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මව්රටේ දී ලබා ගත් ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ලකුණු 431 වාර්තා පොත් අතරට එක්වුණා.

විශාල ලකුණු පුවරුවක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සියල්ල ලකුණු 155ක් තුළ දවා ගැනීමට දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක කූපර් කොනොලි ප්‍රමුක ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

අවසානයේ ලකුණු 236ක විශාල ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාව සතු වෙද්දී තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සහ තරගාවලියේ වීරයා ලෙස කේෂව් මහරාජ් සම්මාන දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39