තැපැල් සේවක වර්ජනය අද හයවන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.

මෙවන් තත්ත්වයක තැපැල් කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

එමෙන්ම ලිපි සහ පාර්සල් විශාල සංඛ්‍යාවක් බෙදාගැනීම නොහැකිව ගොඩගසා තිබෙනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 120ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති චමීරා ද සිල්වා සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීති විරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කරනු ලැබුවා.

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් පසුගිය 17 වනදා මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32