හිටපු ජනපති රනිල් රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් භාවිත කරමින් සිදුකරන ලද පුද්ගලික විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම් සඳහා අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය හතර හමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
24
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?