අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබා තිබෙනවා.
ඒ, අනුව අධිකරණ කටයුතු විනාඩි 30කට කල් තැබීමටයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ප්‍රකාශ කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, මෙම සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළා.
විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම විනාඩි තිහකට කල් තබන බවයි මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළේ.





