බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල දී ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඝාතනයට ලක් වුණා.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙක්වන ලලිත් කුමාර නැමැති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම හිටපු බන්ධනාගාර නිලධාරීවරයා මෝටර් රථයක ගමන් කරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් බොල්ගොඩ පාලම අසල දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර 20කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී තබා ඇති බවයි.
මෙම වෙඩි තැබීමට ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඝාතනය ලක්ව වූ 57 හැවිරිදි වියේ පසුවූ හිටපු බන්ධනාගාර නිලධාරීවරයා, හිටපු පාතාල කල්ලි නායක සමයං ඝාතන සිද්ධියේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සැක පළ කරන්නේ.





