බොල්ගොඩ පාලම අසල වෙඩි වරුසාවෙන් මියගොස් ඇත්තේ හිටපු ජේලර් කෙනෙක්

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල දී ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඝාතනයට ලක් වුණා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙක්වන ලලිත් කුමාර නැමැති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම හිටපු බන්ධනාගාර නිලධාරීවරයා මෝටර් රථයක ගමන් කරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් බොල්ගොඩ පාලම අසල දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර 20කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී තබා ඇති බවයි.

මෙම වෙඩි තැබීමට ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඝාතනය ලක්ව වූ 57 හැවිරිදි වියේ පසුවූ හිටපු බන්ධනාගාර නිලධාරීවරයා, හිටපු පාතාල කල්ලි නායක සමයං ඝාතන සිද්ධියේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09