අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනවලට ආදාළව මෙම සැකකරුවන් අවශ්‍යව කර සිටින සැකකරුවන් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වව්නියාව ප්‍රදේශයට ගොස් ඇති නමුත් මේ වනවිටත් ඔවුන් ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පහත ඡායාරූපවල සිටින සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8591966 හෝ 071 – 8596150 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි දැනුම් දෙන්නේ.
01 සැකකරු – ජිවරාස සුජීපන්
වයස අවුරුදු 30
ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව

02 සැකකරු – ඉලන්කෝ ඉසයිවින්තන්
වයස අවුරුදු 27
අංක 379, 03 කොටස, මැණික්ෆාම්, සෙට්ටිකුලම

03 සැකකරු – මහේන්දිරන් යෝගරාසා
වයස අවුරුදු 27
අරාලි බටහිර, වඩුකොට්ටෙයි






