තැපැල් සේවකයින් විසින් ආරම්භ අර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය තැපැල් දෙපාර්තමේන්තුවට හෝ වෘත්තිය සමිතිවලට යහපත් දෙයක් නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරනවා.
අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් තැපැල්පතිවරයා මේ බව පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග නොකරමින් ඊට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත හැකි බවයි.
ඒ, අනුව කරුණාකර සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා වශයෙන් වර්ජනයේ නිරත සේවකයිගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති අවස්ථාවක ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩුවලින් එම නිවාඩු අඩුවීම අනිවාර්යයෙන් සිදුවන බවත් තැපැල්පතිවරයා පැවසුවා.
ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්හ කළ වැඩ වර්ජනය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.





