රාජකාරියේ සිටි පොලිස් නිලධාරියා අනතුරට පත්කර පලාගිය බාලවයස්කාරයින් දෙදෙනා මාට්ටු

මාර්ග රාජකාරියේ නියතුව සිටි එප්පාවල පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙක් අනතුරට පත් කර යතුරුපැදියක පැමිණි බාලවයස්කාරයින් දෙදෙනෙකු පලා යාමේ සිද්ධියක් අද (19) එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ නිලධාරියා විසින් අංක තහඩු රහිත යතුරුපැදියක හිස් ආවරණ නොමැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නැවත්වීමට යාමේදී පොලිස් අණ නොතකා එම යතුරුපැදිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදී සැරයන්වරයා අනතුරට පත්ව තිබෙනවා.

පසුව එම නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අතකට සහ කකුලකට දැඩි තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා සහ යතුරුපැදිය එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදිය පදවා ඇත්තේ බාලවයස්කරුවෙක් බවට අනාවරණය වී තිබෙනවා.

යතුරුදිය පැදවූ වූ සැකකරුද අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති අතර ඔහුවද එප්පාවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පැදවූ යතුරුපැදියට රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍රද නොමැති බව පොලිසිය පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?