ඉන්දු – චීන විදේශ අමාත්‍යවරු නවදිල්ලියේ දී හමුවෙයි

සැබෑ පාලන රේඛාවෙන් හමුදා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය “ඉදිරියට යා යුතු” බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමග පැවති හමුවේ දී අවධාරණය කළ බව ද හින්දු වාර්තා කරනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ දිල්ලියේ දී ද්විපාර්ශ්වික සහ වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා ආරම්භ කළ අවස්ථාවේදී .

වසර තුනකට පසු පළමු වරට ඉන්දියාවට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැන්ග් යී ඊයේ පස්වරුවේ නවදිල්ලියට ළඟා වුණා.

දෙරටේ විදේශ අමාත්‍යවරු අතර සාකච්ඡා පැවැත්වුණේ හයිද්‍රාබාද් හවුස් හිදී.

“අපගේ සම්බන්ධතාවයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් දැක තිබෙනවා… අපගේ ජාතීන් දෙක දැන් ඉදිරියට යාමට උත්සාහ කරනවා,” ජයිශංකර් මහතා නියෝජිත කණ්ඩායම් අතර සාකච්ඡා ආරම්භ කරමින් පැවසුවා.

“අපගේ සබඳතාවල ඕනෑම ධනාත්මක ගම්‍යතාවයකට පදනම වන්නේ දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය ඒකාබද්ධව පවත්වා ගැනීමට ඇති හැකියාවය මතයි.’’ ජයිශංකර් වැඩිදුරටත් සඳහන් කළා.

චීනය සහ ඉන්දියාව “නිවැරදි උපායමාර්ගික අවබෝධය” ඇති කර ගත යුතු අතර එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස නොව හවුල්කරුවන් ලෙස සැලකිය යුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙහිදී පවසා සිටියා.

සාකච්ඡාවේ දී ගම්‍ය වූයේ ඉන්දියාව සමඟ සුහදතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභය යන මූලධර්මය ආරක්ෂා කිරීමට චීනය සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29