ආසියානු කුසලානයේ ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

මෙම වසරේදී ආසියානු කුසලානය ටී ටුවෙන්ටි තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මාසයේ පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය කණ්ඩායමේ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සංචිතයක් අද (19) පස්වරුවේ නම් කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සූර්යකුමාර් යාදව් විසින් දරනු ලබන අතර ශුබ්මන් ගිල් උප නායකයා ලෙස කටයුතු කරනවා.

කුල්දීප් යාදව්, වරුන් චකරවර්ති සහ අක්ෂාර් පටෙල් නම් කරන ලද දඟ පන්දු යවන්නන් වන අතර බුම්රා, හර්ෂිත් රානා සහ අර්ෂදීප් සිං වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

සුර්යකුමාර් යාදව් (නායක), ශුබ්මන් ගිල් (VC), අභිෂේක් ෂර්මා, තිලක් වර්මා, හාර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩූබ්, අක්ෂාර් පටෙල්, ජිතේෂ් ෂර්මා (WK), ජස්ප්‍රිත් බුම්රා, අර්ෂදීප් සිං, වරුන් චකරවර්ති, කුල්දීප් යාදව්, සංජු සැම්සන් (WK), හර්ෂිත් රානා, රින්කු සිං 2025 ආසියානු කුසලානයේ දී ඉන්දියාව වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37