කමාන්ඩෝ කවිෂ්ක ඝාතනය කරන්න කුඩු සලිදුගේ ගෝලයා බන්ධනාගාරය තුළට සයිනයිට් ගෙනත්

බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අගුනුකොළපැලැස්ස බන්ධනාගාරය පරික්ෂා කිරීමේදී සයිනයිට් අඩංගු කුඩා බෝතලයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

දැනට විදෙස් රටක සැගව සිටින කුඩු සලිඳු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන තරිඳු මදුශංක නැමැත්තා සතුව තිබී මෙම සයිනයිට් සොයා ගත් බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කමාන්ඩෝ කවිෂ්ක කුමාර නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයිනයිට් බන්ධනාගාරයට ගෙන ආ බවයි.

බන්ධනාගාර තුළට ගෙන ආ මෙම සයින්යිට් පරික්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන කටුස්සට එන්නත් කර ඇති අතර කටුස්සා මිය ගොස් ඇති බව අනාවරණය වනවා.

බන්ධනාගාර තුළට මෙම සයිනයිට් ගෙන ආ ආකාරය පිළිබදව බන්ධනාගාර මූලස්ථානය පරීක්ෂණ පවත්වනවා.

  1. පයිත්තියම් නේ මේවා

    මම ගියා එක දවසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයකට යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් බලන්න ගෙදරින් හදලා දුන්නු කෑම එකකුත් අරගෙන යාලුවත් එක්ක

    කෑම ටිකක් වැඩියෙනුත් අරන් ගියා මොකද හැමදාම එක කෑම වේලක් ලැබෙන නිසා තවත් අයෙකුටත් ප්‍රමාණවත් වෙන්න

    අරන් ගියා කෑම සේරම බ්ලෙන්ඩර් කරා වගේ කූරු ගාලා කූරු ගාලා තව සත්තසකුත් දාලා කිව්වා එහෙම කෑම වැඩියෙන් ගේන්න බැහැ අදට කමක් නැහැ අරන් යන්න ආයේ ගෙනාවොත් දානවා කිිව්වා කුණු කූඩෙ⁣ට

    ඒක නිසා අනිවාර්යයෙන්ම මේ සයිනයිට් බන්ධනාගාරය තුලට අරගෙන යන්න මුදලට අල්ලසට කුලියට දඩ මස් කෑල්ලට වැව් මාලු කුරියට වැඩ කරන අති දූෂිත බන්ධනාගාර නියාමකවරයෙකුගේ හෝ නිළධාරීයෙකු විසින් අරන් ගියා විය යුතුය.

    එහෙම නැතුව අමුත්තෙකුට නම් කිසිසේත්ම ගෙනයා නොහැක බන්ධනාගාර කොමසාරිස්- පවා අල්ලස් අරගෙන දැන් හිරේ ඉන්න එකේ සත්තම දාන් ඉන්න 2.50 නියාමකවරුන් සහ නිළධාරීන් එසේ නොකරාවි කියලා කියන්න පුළුවන්ද ? විශ්වාස කරන්න පුළුවන් ද ? සෑහීමකට පත්විය හැකිද ?

    ඒක නිසා උන් අල්ලා සේවයෙන් පහ කර දැමිය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06