ජීවිතයක් අහිමි කළ කල්පිටියේ ආරවුල

කල්පිටිය පොලිස් වසමට අයත් කන්දකුඩාව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වනවා.

පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු 37 ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙක් අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසා සිටියා.

සිද්ධියට සම්බන්දව එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?