ජීවිතයක් අහිමි කළ කල්පිටියේ ආරවුල

කල්පිටිය පොලිස් වසමට අයත් කන්දකුඩාව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වනවා.

පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු 37 ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙක් අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසා සිටියා.

සිද්ධියට සම්බන්දව එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23