නාවික හමුදා කිමිදුම් සහයෙන් රාජාංගණය ජලාශයයේ අක්‍රීය සොරොව් දොරටුව සක්‍රීය වෙයි

අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කළා.

යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් රාජාංගණය ජලාශයේ සොරොව්ව අක්‍රීයවී ඇති බවත්, එහි දියයට අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබා දෙන ලෙසත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාව වෙත සිදුකළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කෙරුණා.

එම කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් යොදා අක්‍රීය තත්වයේ පැවති සොරොව්ව මෙලෙස නැවත ක්‍රියාකාරී තත්වයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !