දකුණු හා අග්නිදිග ආසියායවේ තරුණ දේශපාලන නායකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවෙයි

KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් සහ දකුණු හා අග්නිදිග ආසියායවේ තරුණ දේශපාලන නායකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමු වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් 2025.08.07 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මෙම නියෝජිතයින් සහ තරුණ නායකයින් හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙහිදී සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ අදහස් දක්වමින් පවසා සිටියේ දස වැනි පාර්ලිමේන්තුව විවිධ දේශපාලන, ජනවාර්ගික සහ ආගමික පසුබිම්වලින් යුක්ත වැඩිම කාන්තා නියෝජනයකින් සමන්විත පාරිලිමේන්තුව වන බවයි.

එමෙන්ම කාන්තාවන් බලගැන්වීම, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටීම සහ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන අංශ කෙරෙහි සංසදය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කොට ඇති බවද ඇය පෙන්වා දුන්නා.

තවද දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන ගැටළු සම්බන්ධයෙන් පෙනී සිටීම, වරප්‍රසාද නොලත් කාන්තාවන්ට සහාය වීම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා සංසදයේ මැදිහත්වීම පිළිබඳවද මෙහිදී සංසදයේ සභාපතිවරිය තවදුරටත් විස්තර කළා.

එසේම පැමිණි තරුණ නායකයින් සහ නියෝජිතයින්ද තම අදහස් සහ අද්දැකීම් සංසදය සමග ප්‍රකාශ කිරීම සිදු වුණු අතර . ඉන් අනතුරුව නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර පාර්ලිමේන්තු රැස්වීමද නිරීක්ෂණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46