ඉන්දු – ලංකා නාවික අභ්‍යාස කොළඹට නුදුරින් මුහුදු තීරයේ

ඉන්දු – ලංකා නාවික අභ්‍යාස කොළඹට නුදුරින් මුහුදු තීරයේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව විසින් ඒකාබද්ධව සිදු කරනු ලැබූ නාවික අභ්‍යාසයේ (SLINEX-25 ) මුහුදු අදියර ඊයේ (17) කොළඹට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී ආරම්භ වුණා.

එම නාවික අභ්‍යාසය මෙවර පැවැත්වුණේ 12වැනි වතාවටයි.

නාවික අභ්‍යාසයට අදාළ වරාය පුහුණු අභ්‍යාසයන් මේ මස 14 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹදී පැවැත්වුණා.

SLINEX – 25 සඳහා මෙරට නාවික හමුදාව සතු ‘විජයබාහු‘ හා ‘සයුර‘ නෞකාවන් යොදා ගැනුණු අතර ඉන්දියානු නාවික හමුදාව වෙනුවෙන් ‘INS Jyoti‘ හා ‘INS Rana’ නෞකාවන් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වනවා.

ඒ අනුව ඊයේ සහ අද (18) දින දෙක තුළදී නෞකා හැසිරවීම, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරීක්‍ෂා කිරීම සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස, අවි හැසිරවීමේ අභ්‍යාස, මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව සහ මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම වැනි සුවිශේෂී නාවික අභ්‍යාස රැසක් සිදු කිරීමට නියමිතයි.

නව දැනුම හා හැකියාවන් හුවමාරු කර ගැනීම සහ දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙම නාවික අභ්‍යාසය පවත්වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46