2025 ආසියානු කුසලානය විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.
පාකිස්තාන ජාතික තේරීම් කමිටුව විසින් නම්කර මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතයට පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළත්ව නොවීම විශේෂත්යක්.
කණ්ඩායම් අටකින් යුත් ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 09 වනදා සිට 28 දක්වා අබුඩාබි සහ ඩුබායි හිදී පැවැත් වෙනවා.
මෙවර තරගාවලියේ දී පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයේ තරග වදින අතර, ඔවුන්ට අමතරව ඉන්දියාව, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම කාණ්ඩයේ තරග වදිනවා.
පාකිස්තාන සංචිතය පහතින්.
සල්මාන් අලි ආගා (නායක), අබ්‍රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් හරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් ජූනියර්, සහිබ්සාඩා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්





