මැලේසියාවට හෙරොයින් හැදූ ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු තුනක් අත්අඩංගුවට

මැලේසියාවේ බුකිත් තැම්බන් ප්‍රදේශයේ දී රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමඟ මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

පෙනැං මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගිය අඟහරුවාදායි.

එහිදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා වයස අවුරුදු 25 ත් 46 ත් අතර වයසේ පසුවන බවයි වාර්තා වුණේ.

මොවුන් විසින් නිෂ්පාදනය කර ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය මලයාසියාව තුළ බෙදාහැර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මලයාසියානුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පෙර වාර්තා ඇති අයවලුන් බවයි.

අනාවරණය වී ඇති අතර, ශ්‍රී ලාංකික පුද්ගලයාට එවැනි පෙර වාර්තා නොමැති බවයි මලයාසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

මොවුන් සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46