ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් නායකයෙක් දිවිගමනින් සමුගනී

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙක් සහ පුහුණුකරුවෙක්වන බොබ් සිම්ප්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිම්ප්සන්, සිඩ්නිහිදී මිය යන විට 89 වන වියේ පසු වුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම බලගතු චරිතයක් වන සිම්ප්සන්, 1957 සහ 1978 අතර කාලය තුළ ටෙස්ට් තරග 62 කට ක්‍රීඩා කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ හොඳම ආරම්භක පිතිකරුවෙකු ලෙස වසර 11 ක වෘත්තීය ජීවිතයෙන් පසු 1968 දී ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියා.

ඒ, වනවිට ඔහු ටෙස්ට් තරග 50 කට ක්‍රීඩා කර ඉන් 29 කට ඕස්ට්‍රේලියාවට නායකත්වය ලබා දුන්නා.

කෙසේ වෙතත් 1977 ලෝක ක්‍රිකට් තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවූ අභියෝගාත්මක අවස්ථාවේ දී ඔහු ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා ලෙස නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියා.

බොබ් සිම්ප්සන් ටෙස්ට් ශතක දහයක් ලබාගෙන ඇති අතර, එම ශතක සියල්ලම නායකයා ලෙස ලබාගත් ශතකවීම ද විශේෂත්වයක්.

දෙවන වරටත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් පසු බොබ් සිම්ප්සන් දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38