තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක – නිවාඩුත් අවලංගුයි

සියලු තැපැල් සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, අද (17) පස්වරු 4.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරතවන බවයි.

අතිකාල ගෙවීම් ගැටළු සහ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගැනීමෙන් තැපැල් සේවකයින් මෙලෙස වර්ජනයේ නිරතවීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර විසින් අද (17) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කළා.

මේ අතර තැපැල් සේවකයින් ඊයේ (16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?