අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළෙඹෙන 17 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ඒ, මහනුවර, නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදීයි.
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෘත දේහය හෙට (16) අලුයම මහනුවර මහයියාවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙන බවයි වාර්තා වුණේ.
රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 57 වැනි වියේ පසුවුණා.
හිටපු ආරක්ෂක අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහල් පුත්‍රයා වන ලොහාන් රත්වත්තේ පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 2010 වසරේදී යි.
ඉන් අනතුරුව අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අවසන් වරට පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැහැ.




