හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළෙඹෙන 17 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ඒ, මහනුවර, නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදීයි.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෘත දේහය හෙට (16) අලුයම මහනුවර මහයියාවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙන බවයි වාර්තා වුණේ.

රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 57 වැනි වියේ පසුවුණා.

හිටපු ආරක්ෂක අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහල් පුත්‍රයා වන ලොහාන් රත්වත්තේ පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 2010 වසරේදී යි.

ඉන් අනතුරුව අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අවසන් වරට පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14