අද සහ හෙට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අද (15) සහ හෙට (16) දිනයන්හි දී පැවැත්වෙනවා.

ඒ අනුව අද දිනයේ දහවල් කාලයේ සහ හෙට දිනයේ දී රාත්‍රී කාලයේ, ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතයි.

අද දිනයේ පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා පෙරහැර වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෝදර දේවාලය අසළින් ආරම්භ වන පෙරහැර අම්බලන්ගොඩ, සිරිකත වටරවුම වෙතට පැමිණ එතැන් පටන් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ වීදි සංචාරය කර නැවතත් ඌරවත්ත පාලම අසළින් දේවාල මාර්ගයට පිවිස දේවාලය වෙත ගොස් පෙරහැර අවසන් වනවා.

එමෙන්ම හෙට දිනයේ රාත්‍රී 09.00 සිට අළුයම 03.00 දක්වා එම ගමන් මාර්ගය ඔස්සේම පෙරහැර වීදි සංචාරය වීමට නියමිතයි.

පෙරහැර වීදි සංචාරය වන ඉහත කාල සීමාවන් තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමන බැවින් විකල්ප මාර්ග භාවිත කරන මෙන් මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ග ලෙස ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන සංඝරාජ විහාරය අසලින් කැපූ ඇළ හන්දිය, පොල්වත්ත හන්දිය, පොල්ලෑව්ව හන්දිය පසුකරමින් බටපොල හරහා කහව මංසන්ධියෙන් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ හැකියාව පවතිනවා.

කොළඹ දෙසට ගමන් ගන්නා වාහන කහව, බටපොල මංසන්ධියෙන් ඇතුල් වී පොල්ලෑව්ව හන්දිය, පොල්වත්ත හන්දිය පසු කරමින් වතුගෙදර මාර්ගයෙන් කැපූ ඇළ හන්දියට පැමිණ සංඝරාජ විහාරය අසළින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ඨ වන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07