අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අද (15) සහ හෙට (16) දිනයන්හි දී පැවැත්වෙනවා.
ඒ අනුව අද දිනයේ දහවල් කාලයේ සහ හෙට දිනයේ දී රාත්‍රී කාලයේ, ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතයි.
අද දිනයේ පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා පෙරහැර වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.
මෝදර දේවාලය අසළින් ආරම්භ වන පෙරහැර අම්බලන්ගොඩ, සිරිකත වටරවුම වෙතට පැමිණ එතැන් පටන් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ වීදි සංචාරය කර නැවතත් ඌරවත්ත පාලම අසළින් දේවාල මාර්ගයට පිවිස දේවාලය වෙත ගොස් පෙරහැර අවසන් වනවා.
එමෙන්ම හෙට දිනයේ රාත්‍රී 09.00 සිට අළුයම 03.00 දක්වා එම ගමන් මාර්ගය ඔස්සේම පෙරහැර වීදි සංචාරය වීමට නියමිතයි.
පෙරහැර වීදි සංචාරය වන ඉහත කාල සීමාවන් තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමන බැවින් විකල්ප මාර්ග භාවිත කරන මෙන් මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ග ලෙස ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන සංඝරාජ විහාරය අසලින් කැපූ ඇළ හන්දිය, පොල්වත්ත හන්දිය, පොල්ලෑව්ව හන්දිය පසුකරමින් බටපොල හරහා කහව මංසන්ධියෙන් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ හැකියාව පවතිනවා.
කොළඹ දෙසට ගමන් ගන්නා වාහන කහව, බටපොල මංසන්ධියෙන් ඇතුල් වී පොල්ලෑව්ව හන්දිය, පොල්වත්ත හන්දිය පසු කරමින් වතුගෙදර මාර්ගයෙන් කැපූ ඇළ හන්දියට පැමිණ සංඝරාජ විහාරය අසළින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ඨ වන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.





