මෝදි විවෘත කළ දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය විවෘත කළ දිනයේ සිටම අක්‍රීයයි

දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය (උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව) නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂයේ නායකයින් පිරිසක් ගොස් තිබෙනවා.

ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරන ලද ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළ දිනයේ සිටම අක්‍රීයව පවතින බවයි.

මෙරටට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම ශීතාගාරය විවෘත කළ අතර, එම ශීතාගාරය තුළ එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග ගබඩාකර තැබීමට හැකියාව පවතිනවා.

ශීතාගාරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එළවළු පළතුරු ඇතුළු ආහාර තොග ගබඩාකිරීමට නොහැකිවීම නිසා එම එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග රැසක් විනාශ වී යන බවයි එහි ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළේ.

එමෙන්ම මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රුපියල් 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. ඔහොම්මම ගුවන් යානයක් එන්නෙ නැති මත්තල ගුවන් තොටුපළටයි නැවක්වත් දකින්න නැති හම්බන්තොට වරායටයි මැච් එකක්වත් නැති සූරියවැව වැව ක්‍රිඩංගනයට දෙශප්‍රමීන් ටික ගියානම් හරි.

    • මොකක්ද නැවක් වත් දකින්න නැති හම්බන්තොට වරාය ? ඔයා මේක කියන්නෙ මුඛයෙන්ද නැත්නම් අධෝමුඛයෙන්ද 🤣.දැනුත් ලංකාවට වාහන එන්නෙ හමබන්තොට වරායෙන් තමා.ගිහින් බලනව වාහන බාපුව අක්කර ගානක් ගාල් කරල තිායනව .2015 ආන්ඩු මාරැවෙද්දි මහින්දගෙන් පලි ගන්න අච්චර හොදට වැඉඩ කරපු මත්තල එයාර්පෝට් එකට වි දාලා වි ගබඩාවක් කලා ගොං රනිලා . පොඩ්ඩක් හොයල බලන්න හමම්බනතොට වරාය කලුගල් කියුබ් කොට් දොලහට වඩා ගිහින්ද කියල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20