සුදුවෙන්න ක්‍රීම් ගානවා නම් ප්‍රවේශමෙන් ! (වීඩියෝ)

සම සුදුවීමේ ආලේපන සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සිදුකරන කූඨ ප්‍රවර්ධනයන්වලට හසු නොවන ලෙස ජාතික විෂ තොරතුරු කාර්යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු පවසනවා.

සුදු වෙමුද ලෙඩ වෙමුද යන තේමාව ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (15) දිනයේ සංවිධානය කර තිබූ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක දී විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළා.

එහිදී වෛද්‍යවරිය පැවසුවේ මෙවැනි ආලේපන භාවිතය තුළින් තමාගේ මුදල් වියදම්කර තමා ලෙඩ වෙන තත්ත්වයකට ඇතැමුන් පත්ව ඇති බවයි.

එමෙන්ම ඔන්ලයින් ඔස්සේ අලෙවිය සිදුකරන ඇතැම් මුහුණු ආලේපන සහ රසදිය වර්ග හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙවැනි ආලේපනවල අඩංගු මකරින්, ස්ටිරොඉඩ් වැනි රසායනික ද්‍රව්‍ය තුළින් වකුගඩු රෝග, දියවැඩියාව, ස්නායු ආබාධ මෙන්න ගැබිණි කාන්තාවන් මෙවැනි ආලේපන භාවිතය තුළින් බිහිවන දරුවා මන්ද බුද්ධික තත්ත්වයට පත්වීම වැනි භයානක ප්‍රථිපල අත්වෙන බව ද විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවා.

මේ අතර මෙවැනි ආලේපන හේතුවෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ලංකාව පුරාම ප්‍රවර්ධන කටයුතු මේ වනවිටත් සිදුකරන බවයි විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46