ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු වූ අද (25) දිනයේ වාහන භාවිත කිරීම කළ නොහැකි බවට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ටීවී දෙරණ රූපවාහිනී නාලිකාවේ අද (25) උදෑසන විකාශය වූ වැඩසටහනකට සජීවීව එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.
සෞඛ්‍ය අංශවල නිර්දේශය වී ඇත්තේ රට එක දිගට වසා තැබීම බවත්, එනමුදු ජනතාවගේ පැත්තෙන් බලා මෙලෙස සුළු අවස්ථාවක් ලබා දුන් බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වාහනවලින් යාමට ගියහොත් දින 03ක් තිස්සේ බලපවත්වන ලද සංචරණ සීමාවලින් ද පළක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කරද්දී වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා විමසා සිටියේ ගෑස් සිලින්ඩරයක් වැනි භාණ්ඩයක් බොහෝ ඈත සිට රැගෙන ඒමට සිදුවන්නේ නම්, එය පයින් ගොස් රැගෙන ඒම ප්‍රායෝගික ද යන්න යි.
එවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
“ගෑස් සිලින්ඩරයක් භාවිත කරන කෙනෙක් ඉන්නවා නම්, ඔවුන් යම් ආකාරයක මුදලක් තියෙන අය. ඉතින් එහෙම අයට ඩිලිවරි සේවාවන් භාවිත කරන්න පුලුවන් කියලා අපි පැහැදිළිව කියලා තියෙනවා. ඩිලිවරි සේවාවලින් ඒවා සපයනවා. ගෑස් කියන්නේ සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍යම දෙයක්. නමුත් ඒක කුමන ආකාරයෙන් හරි පිරිමහගෙන ඩිලිවරි සේවාවකින් පවත්වාගෙන යන්න වෙනවා. එහෙම නැති වුණොත්, ජනතාවගේ අවශ්‍යතාවය බලන්න ගියොත්, අපිට මේ සංචරණ සීමාව දාන කාල පර්ච්ඡේදය කොච්චරද කියලා කියන්න බැරිවෙයි”
කෙසේ නමුත් යම් කිසි පවුලක ආබාධිත පුද්ගලයින් හෝ වයෝවෘධ පුද්ගලයින් පමණක් සිටීම වැනි විශේෂ කාරණාවක දී, එවැනි පුද්ගලයින්ට යම් සහනයක් දීමට සූදානම් බව අජිත් රෝහණ මහතා පවසා සිටියා.
එහෙත් අද (25) දිනයේ කුමන අවස්ථාවක හෝ කුමන ස්ථානයක හෝ වාහන නවතා තැබීමට ද වාහනවල ගමන් කිරීමට ද ඉඩක් ලබා නොදෙන බව ඔහු යළි යළිත් අවධාරණය කළා














rajafucksa ge kakka lewakana pissek. nodakin ambaruwa. delivery karanne bijja da? unwa thope noogath gon haththa nawaththala thiyenne.