පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇමරිකාවේ දී කළ ප්‍රකාශයක් මේ වන විට බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
තම රට “බිඳ වැටුණහොත්” එය “ලෝකයෙන් අඩක් බිම හෙළනු ඇති” බව පාකිස්ථාන හමුදා ප්‍රධානියා පවසා තිබුණේ තම රට න්‍යෂ්ටික බලය සහිත ජාතියක් බවට උදම් අනමින්.
එම ප්‍රකාශය සෘජුවම න්‍යෂ්ටික තර්ජනයක් ලෙස බොහෝ පාර්ශ්ව පවසනවා.
මුනීර්ගේ ප්‍රකාශය පැහැදිලිව මතු කෙරන ප්‍රශ්නයක් නම් පකිස්ථානයට එහි න්‍යෂ්ටික මිසයිල මගින් “ලෝකය බිම හෙළීමට” සැබවින්ම හැකියාව තිබේ ද යන්නයි.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2025 වාර්ෂික වාර්තාවට අනුව, පාකිස්ථානය සතුව න්‍යෂ්ටික යුධ හිස් 170ක් තිබෙනවා.
පකිස්ථානයේ න්‍යෂ්ටික මූලධර්මය යුධ පිටියේ භාවිතය සඳහා නිර්මාණය කර ඇති කෙටි දුර උපායික න්‍යෂ්ටික අවි කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
පකිස්ථානය “ලෝකයෙන් අඩක්” විනාශ කරන බව මුනීර් පැවසුව ද න්‍යෂ්ටික අවි විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි කෙටි දුර ඒවා බැවින් එවැනි ප්‍රහාරක හැකියාවක් නොමැති බවයි.
පකිස්ථානයේ දිගම දුර මිසයිලයට නැගෙනහිර ආසියාවට, යුරෝපයේ බටහිරට හෝ උතුරු ඇමරිකාවට පවා ළඟා විය නොහැකි බව සඳහන්.














ඊශ්රායය කරන දේ හරි මුන් ලෝකයට මහා සාපයක් මේක ඇත්තක් නම් වහාම ක්‍රියාත්මක වන පරිදි මුන්ගේ බලය අඩු කිරිමට සදහා ගත හැකි සෑම පියවරක්ම ගත යුුතුයි
අඅනිවාර්යයෙන්ම තිරුබදු වැඩි කරලා සියලුම දේට ආර්ථික සම්බාධක දාන්න ඕන නැත්නම් මහා විනාශයක් කරනවා මුන් මහ පිලිලියක් මේ ලෝකයටත් සියලු සත්වයන්ටත්
මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ඇති රාජ්‍යක තර්ජනය ලෝකයට ගනන් නොගෙන සිටීමට නොහැක. අන්‍ය ආගමික ජනතාව සංහාරය අරමුණයි.