ලෝකයෙන් භාගයක් වනසන්න අපිට පුලුවන් – පාකිස්ථාන හමුදා ප්‍රධානියා කියයි

පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇමරිකාවේ දී කළ ප්‍රකාශයක් මේ වන විට බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

තම රට “බිඳ වැටුණහොත්” එය “ලෝකයෙන් අඩක් බිම හෙළනු ඇති” බව පාකිස්ථාන හමුදා ප්‍රධානියා පවසා තිබුණේ තම රට න්‍යෂ්ටික බලය සහිත ජාතියක් බවට උදම් අනමින්.

එම ප්‍රකාශය සෘජුවම න්‍යෂ්ටික තර්ජනයක් ලෙස බොහෝ පාර්ශ්ව පවසනවා.

මුනීර්ගේ ප්‍රකාශය පැහැදිලිව මතු කෙරන ප්‍රශ්නයක් නම් පකිස්ථානයට එහි න්‍යෂ්ටික මිසයිල මගින් “ලෝකය බිම හෙළීමට” සැබවින්ම හැකියාව තිබේ ද යන්නයි.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2025 වාර්ෂික වාර්තාවට අනුව, පාකිස්ථානය සතුව න්‍යෂ්ටික යුධ හිස් 170ක් තිබෙනවා.

පකිස්ථානයේ න්‍යෂ්ටික මූලධර්මය යුධ පිටියේ භාවිතය සඳහා නිර්මාණය කර ඇති කෙටි දුර උපායික න්‍යෂ්ටික අවි කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පකිස්ථානය “ලෝකයෙන් අඩක්” විනාශ කරන බව මුනීර් පැවසුව ද න්‍යෂ්ටික අවි විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි කෙටි දුර ඒවා බැවින් එවැනි ප්‍රහාරක හැකියාවක් නොමැති බවයි.

පකිස්ථානයේ දිගම දුර මිසයිලයට නැගෙනහිර ආසියාවට, යුරෝපයේ බටහිරට හෝ උතුරු ඇමරිකාවට පවා ළඟා විය නොහැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
15
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?