එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තවත් වර්ධනය වෙයි – Express Pearl ship

කොළඹ වරායේ සිට නාවික සැතපුම් නවයක් පමණ දුරින් නැංගුරම් ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

සිංගප්පූරුවේ සිට ඉන්දියාව බලා රසායන ද්‍රව්‍ය තොගයක් රැගෙන යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට පිටත වරායේ නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණේ මීට දින 5 කට පෙරයි.නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සිංගප්පූරු සමාගමක් ද හවුල් වී තිබෙනවා.