ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නළයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව ඊට අමතරව නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකාදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල, දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?