සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් (වීඩියෝ)

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹදී අද (09) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශවය මෙතෙක් නිහඬව සිටීම විශ්වාස කළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා සුප්‍රීම් සැට් තනි ව්‍යාපෘතියක් නොවේ යයි ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?