හරක් කටාට අධිචෝදනා භාරදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවා.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබෙනවා.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද අධිකරණය නියම කළා.

ඒ, අනුව හරක් කටා නමැති විත්තිකරු රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර සිටියා.

සෙසු විත්තිකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරුවරයා විසින් නියෝග කළේ.

ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වැනි දා කැඳවීමට අධිකරණය නියම කර සිටියා.

මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර, එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝසමක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ දැනුම්දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කර සිටියේ.

2023 වසරේ අප්‍රේල් මස පළවනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 10 වනදා අතර කාලසීමාව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි හරක් කටා නැමැති විත්තිකරුට පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50ක් එල්ලකරමින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින්දෙ 74 දෙනෙකු ද නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16