පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ – මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පළමු රන්දෝලි පෙරහර අද (04) පස්වරු 06:00 පසු වී විනාඩි 52ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාභිමුඛව වීදි සංචාරය ආරම්භ වනවා.

පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ගෙවැදීමට නියමිතයි.

මේ අතර පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පෙරහැර කාලසීමාවන් තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි සැළසුම් කර තිබෙනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?