හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියවන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව එළඹෙන ඔක්තෝම්බර් 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.
නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් මුදලක් බැංකු ගිණුම්වල හා ස්ථාවර තැන්පතුවල තැන්පත්කර තැබීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දිනයේ කැඳවනු ලැබුවා.
කෙසේ නමුත් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා රාජකාරී නිවාඩු ලබා තිබීම නිසා අදාළ නඩුව මෙලෙස කල් තැබීමට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මෙලෙස කටයුතු කළා.
අද දිනයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියවන ඩේසි ෆොරස්ට් යන අය විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.















