තණමල්විල වගුරු බිමක මියගිය වන අලියෙකුගේ සිරුරක් (ඡායාරූප)

තණමල්විල, හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

මෙම වන අලියාට මීට පෙර වනජීවි නිලධාරීන් විසින් අවස්ථා කිහිපයක දීම ප්‍රතිකාර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සත්වයාගේ මරණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?