ගැරඬිඇල්ල බස් අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අයෙක් දින 83කට පසු මියයයි

පසුගිය මැයි මස 11 වනදා කොත්මලේ, ගැරඬිඇල්ල මාරක බස් අනතුරෙන් බරපතල තුවාල ලබා නුවරඑළිය රෝහලේ දින 83ක් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, හීල්ඔය, රජකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් නිශ්ශංක කවිරත්න නැමති තිදරු පියෙක්.

මෙම අනතුරින් මෙම පුද්ගලයාගේ බිරිඳ මියගිය අතර, වයස මාස 06 දරුවා තවමත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම තුවාල ලබා සිටි වයස අවුරුදු 11 සහ 06ක දරුවන් දෙදෙනා ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට පැමිණ තිබෙනවා.

පසුගිය පළමු වනදා මෙම පුද්ගලයා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු අද (03) දින හීල්ඔය, රජකොටුව සූසානභූමියේ දී සිදු කිරීමට නියමිතයි.

කතරගම සිය කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකුට ජීවිත අහිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14