පසුගිය මැයි මස 11 වනදා කොත්මලේ, ගැරඬිඇල්ල මාරක බස් අනතුරෙන් බරපතල තුවාල ලබා නුවරඑළිය රෝහලේ දින 83ක් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, හීල්ඔය, රජකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් නිශ්ශංක කවිරත්න නැමති තිදරු පියෙක්.
මෙම අනතුරින් මෙම පුද්ගලයාගේ බිරිඳ මියගිය අතර, වයස මාස 06 දරුවා තවමත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම තුවාල ලබා සිටි වයස අවුරුදු 11 සහ 06ක දරුවන් දෙදෙනා ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට පැමිණ තිබෙනවා.
පසුගිය පළමු වනදා මෙම පුද්ගලයා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු අද (03) දින හීල්ඔය, රජකොටුව සූසානභූමියේ දී සිදු කිරීමට නියමිතයි.
කතරගම සිය කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකුට ජීවිත අහිමි වුණා.





