සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු වන ‘ගම්පහ දේවා’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තය බලා පිටත්ව යාම සඳහා අද (03) උදෑසන ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති 39 හැවිරිදි වියේ පසුවන මොහු, ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට චෝදනා එල්ලවී සිටින අයෙක් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු ‘ගම්පහ දේවා’ නැමැත්තා අද (03) උදෑසන 08.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොහු මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.





