සංචාරකයින්ට අද සිට කටුනායක ගුවන්තොටින් රියදුරු බලපත්‍ර

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) දිනයේ කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ විවෘත කිරීමට නියමිතයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් බවයි.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේ දී මෙම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු විවෘත කරන බවයි ඔහු පැවසුවේ.

මෙම නව කවුළුවෙන් විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි සඳහා පමණක් රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?